මෙවර උසස් පෙළ සංයුක්ත ගණිතය හදාරන සිසුන් හට අත්වැලක්....

2024 උසස් පෙළ සංයුක්ත ගණිතය හදාරන සිසුන්ගේ විෂය ප්‍රවර්ධනය සඳහා සංයුක්ත ගණිතය විශේෂ සංවාදයක් 2024/06/13  විද්‍යාලයේදී පැවැත්විණි. ආරාධිත පාසල් ගණනාවක් මේ අවස්ථාවට සහභාගී වූ අතර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ තාක්ෂණික පීඨයේ තාක්ෂණවේදය සඳහා විද්‍යාව අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ  කථිකාචාර්ය ආචාර්ය ගයා ජයකොඩි මහත්මිය,SLTC පර්යේෂණ විශ්ව විද්‍යාලයේ ගණිතය පිළිබද  විශේෂඥ උපදේශක ආචාර්ය  ෂෙල්ටන් පෙරේරා මහතා, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙහි ව්‍යවහාරික විද්‍යා පීඨයේ සංඛ්‍යාන විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රජිත මනුෂ සිල්වා මහතා විසින් එම විශේෂ සංවාදය මෙහෙයවනු ලැබීය. මේ  සඳහා ධර්මාශෝක විද්‍යාලීය එක්සත් අරාබි එමීර්  රාජ්‍යයේ ආදි සිසුන් අනුග්‍රහය දක්වා ඇත.

2024-06-13

   Back

Forgot Your Password?